සැකකටයුතු කැබ් රථයක් ගලපිටමඩින් අල්ලයි – වසන්ත පාවිච්චි කළ බවට හෙළිවෙයි (වීඩියෝ)

සැකකටයුතු කැබ් රථයක් ගලපිටමඩ – කඩිගමුව ප්‍රදේශයේ දී ගලපිටමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කැබ් රථය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් රථයක් බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් එම රථය සමගි ජන බලවේගයේ දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක විසින් පාවිච්චි කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද (12) මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සේනානායක පැවසුවේ තමන් මෙම රථය තවත් පුද්ගලයෙකුගෙන් කුලී පදනම මත ලබාගෙන තිබූවක් බවයි.

මෙම කැබ් රථයේ වත්මන් හිමිකරු බව කියන විජයරත්න නැමැති පුද්ගලයා විසින් එය මාර්ග සංවර්ධන අධිකාරියේ වෙන්දේසියකින් මිලදී ගෙන ඇති බවයි වසන්ත සේනානායක වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම රථය සමඟ තවත් කැබ් රථ දෙකක් එම වෙන්දේසියෙන් අදාළ පුද්ගලයා මිලදී ගෙන ඇති බව මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළා.

වාහනයේ හිමිකරු බව කියන විජයරත්න නැමැත්තා මෙලෙස අදහස් දක්වා සිටියා,

“මම මාස තුනකට ඉස්සරලා RDA එකෙන් වාහන තුනක් (කැබ් රථ) ගත්තා. ඒ තුනෙන් එකක් රේපෙයාර් කරල වසන්ත සේනානායක මහත්තයාට කුලියට දුන්නා. RDA එකෙන් ගත්ත ලියකියවිලි මං ළඟ තියෙනවා. දැනට මාරු කිරීමේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ලියකියවිලි වලින් සම්පූර්ණ අයිතිවාසියකම දීලා තියෙනවා.”

මේ අතර බෙලිඅත්ත – පුවක්දණ්ඩාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංක සහිත පෙජරෝ වර්ගයේ ජීප් රථයක් සොයාගෙන තිබෙනවා.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති අමිල අබේසේකර විසින් සැඟවූ රථයක් බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් බෙලිඅත්ත, කොස්ලන්ද ප්‍රදේශයේ තිබී තංගල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51