මොරොක්කෝවට වැටුණු වැස්සෙන් සහරා කාන්තාරය ජලයෙන් යටවෙයි

ගිනිකොන දිග මොරොක්කෝවට දින දෙකක් ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් පසු සහරා කාන්තාරයේ ඇතැම් කොටස් ජලයෙන් යට වී බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඩ සියවසක් පුරා සාගෝරා සහ ටාටා අතර සහරා කාන්තාරයේ වියළී තිබූ ඉරිකි විල ද ග මොරොක්කෝවට ගැලූ ගංවතුරෙන් නැවත පිරුණු බවයි.

නාසා ආයතනය විසින් ග්‍රහණය කර ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් ද ඒ බව තහවුරු වී තිබෙනවා.

මොරොක්කෝවේ කාලගුණ විද්‍යා ඒජන්සියේ නිලධාරීන් සඳහන් කළේ මෙතරම් කෙටි කාලයක් තුළ මෙවැනි වර්ෂාපතනයක් වාර්තා වුණේ වසර 30ත් 50ත් අතර කාලයකින් බවයි.

මොරොක්කෝවේ ගංවතුර හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ ජීවිත 18 ක් බිලිගත් බවයි එටර බලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම එම වර්ෂාවත් සමඟ ගිනිකොන දෙසින් වේලි බැඳ ඇති ජලාශ පෙර නොවූ විරූ අනුපාතයකින් නැවත පිරුනු බව ද වාර්තා වනවා.

උතුරු, මධ්‍යම සහ බටහිර අප්‍රිකාව හරහා වර්ග කිලෝමීටර මිලියන 09ක් පුරා පැතිරී ඇති සහරා කාන්තාරය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් අධික කාලගුණික තර්ජනවලට මුහුණ දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
8
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55