කොදෙව්වන්ට එරෙහි T20 සටනට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට නම්කර තිබෙනවා.

මෙවර සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.

කාලයක් ටී20 පිටියේ දක්නට නොලැබුණු දිනේෂ් චන්දිමාල් ද මෙවර සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම විවිධ අභියෝග මැද ටී20 ආකෘතියෙන් ඉවත් කර සිටි භානුක රාජපක්ෂ ද කොදෙව්වන්ට එරෙහි සටනට කැඳවා තිබෙනවා.

මේ අතර සංචිතයේ කිසිදු ඉඩක් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන් ම කලක් පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානකට හිමිව නොතිබීමත් දැකිය හැකියි.

ශ්‍රී ලංකා සංචිතයට අසලංකගේ නායකත්වයෙන් යුතුව, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ ආබාධයකට ලක් ව සිටි බිනුර ප්‍රනාන්දු ද තරගාවලිය සඳහා නම් කර තිබෙන බව දැකිය හැකියි.

දෙරට අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ඔක්තෝබර් 13 දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46