N-Series පාස්පෝර්ට් එක P-Series ලෙස වෙනස් කිරීමට අවසර

N-Series විදේශ ගමන් බලපත්‍ර P-Series විදේශ ගමන් බලපත්‍ර ලෙස වෙනස් කිරීමට අභියාචනාධිකරණය අද (09) අවසර ලබා දුන්නා.

ඒ, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර නීතියට පටහැනි ආකාරයෙන් පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගයක් මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙමින් එපික් ලංකා පෞද්ගලික සමාගම ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමට අද (09) යළි කැඳ වූ අවස්ථාවේදියි.

පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් හා පී. කුමාරත්නම් යන විනිසුරු මඬල්ල හමුවේ සලකා බැලුණා.

පෙත්සම අද (09) කැඳ වූ අවස්ථාවේ, නීතිපතිවරයා හා ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් සුමති ධර්මවර්ධන අධිකරණයණයට කරුණු දක්වමින් පවසා සිටියේ, N-Series විදේශ ගමන් බලපත්‍ර P-Series විදේශ ගමන් බලපත්‍ර ලෙස නම් කිරීමට අවශ්‍ය බවයි.

N-Series විදේශ ගමන් බලපත්‍ර 750,000 සැපයීම සිදුකරන විදේශ සමාගම් දෙක සඳහා ඊට අවශ්‍ය පහසුකම් නොමැති හේතුවෙන් N-Series විදේශ ගමන් බලපත්‍රය P-Series ලෙස වෙනස් කළ යුතු බව ඔහු කරුණු දක්වමින් අවධාරණය කළා.

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීම සඳහා වන මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස විදේශ සමාගම් දෙකකින් N-Series විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අනුමැතිය ලබාදුන් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය පසුගිය නඩු වාරයේ පෙත්සම්කාර පාර්ශවයේ ද එකඟත්වය ඇතිව ඉදිරියට දීර්ඝ නොකිරීමට ද අභියාචනාධිකරණය තීරණය කරනු ලැබුවා.

අතුරු තහනම් නියෝගය හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ යම් යම් ප්‍රශ්න සහගත තත්ත්වයන් උද්ගතව තිබෙන බැවින් එම අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙස නීතිපතිවරයා හා ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් සුමති ධර්මවර්ධන එදින අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම පෙත්සම්කාර එපික් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහජනතාවට සිදුවන අපහසුතාව සැලකිල්ලට ගෙන අදාළ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට සිය එකඟතාවය පළ කළා.

නමුත් අද (09) දින පෙත්සම කැඳ වූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවය N-Series විදේශ ගමන් බලපත්‍ර P-Series විදේශ ගමන් බලපත්‍ර ලෙස වෙනස් කිරීම සම්බන්ධව සිය විරුද්ධත්වය පළ කළා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් පවසා සිටියේ, N-Series විදේශ ගමන් බලපත්‍ර P-Series විදේශ ගමන් බලපත්‍ර ලෙස වෙනස් කිරීම සිදු නොකළ යුක්තක් බවයි.

එමෙන්ම දැනට පවතින N-Series විදේශ ගමන් බලපත්‍රයේ පිටු 64ක් බවත් P-Series විදේශ ගමන් බලපත්‍රයේ පිටු 48ක් පමණක් ඇතුළත් බවද ඔහු කරුණු දක්වමින් අවධාරණය කළා.

තව ද N-Series විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළත පිටු තුළ රාජ්‍ය ලාංඡනය මුද්‍රණය වී තිබුණ ද මෙම P-Series විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළත පිටු තුළ පුන්කලස මුද්‍රණය වී ඇති බවයි.

පුන්කලස රටවල් කීපයක ගමන් බලපත්‍රයෙහි ඇතුළත් වන බැවින් මෙම P-Series විදේශ ගමන් බලපත්‍රයේ පිටු තුළ පුන්කලස මුද්‍රණය වීම රටේ අනන්‍යතාව හඳුනාගැනීමේ දී ගැටළු ඇති කරන බව ද නීතිඥවරයා කරුණු දක්වමින් අවධාරණය කළා.

එහි දී විනිසුරු මඬුල්ල පැවසුවේ මෙම විදේශ ගමන් බලපත්‍ර ගැටළුව සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර ඇති හෙයින් කැබිනට් මණ්ඩලයෙන් මේ සම්බන්ධව ඉදිරි තීරණයන් ගැනීම සිදු කරන බවයි.

කෙසේ වෙතත් විද්‍යුත් ගමන් බලපත්‍ර (ඊ – විදේශ ගමන් බලපත්‍ර) මිලියන පහක් මිලදී ගැනීම සඳහා පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පසුගිය සැප්තැම්බර් 26 පැන වූ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 06 දක්වා ඉදිරියට බලපැවැතවෙන බව ද විනිසුරු මඬුල්ල අවධාරණය කළා.

මෙම රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගම් දෙකට පසුගිය සැප්තැම්බර් 02 වැනිදා කැබිනට් අනුමැතිය දී ඇති බවත් ඒ අනුව එහි කොටසක් ලෙස සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර 7,50,000ක් මිලදී ගැනීමට අනුමැතිය දී ඇති බවත් පෙත්සම්කාර ආයතනය පෙත්සම මඟින් පෙන්වා දෙනවා.

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර නීතියට සම්පුර්ණයෙන්ම පටහැනි ආකාරයට මෙම විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සමාගම අදාළ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

පෙත්සම නොවැම්බර් 06 වනදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53