AFC Banner
Empty Ad
Empty Ad

රස්සාව මරු කැඳවූ හැටි

ධීවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ; යාපනය – වඩමාරච්චි මුහුදු සීමාවේදීයි.

මරණකරු මසුන් අල්ලමින් සිටියදී ඔහු රැඳී සිටි ධීවර යාත්‍රාව පෙරළී ඇති බවයි පේදුරුතුඩුව පොලිසිය පැවසුවේ.

මෙම අනතුර ඊයේ (08) සිදු ව ඇති අතර මරණකරු වඩමාරච්චි – කෝවිලඩ්ඩි ප්‍රදේශයේ සිට මෙලෙස මසුන් ඇල්ලීමට තනිවම සිය ධීවර යාත්‍රාවෙන් ගොස් ඇති බවට ද හෙළි ව තිබෙනවා.

වඩමාරච්චි මුහුදු සීමාවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ මුහුද රළු වීමෙන් මෙලෙස ධීවර යාත්‍රාව පෙරලී ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

අතුරුදන් වූ ධීවරයාගේ සිරුර නාවික හමුදාවේ සහායෙන් සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ කෝවිලඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?