රජයට වැට් බදු නොගෙවු අඹු – සැමි යුවළකට සිර දඬුවම්

වසර දෙකකට අදාළ ව රජයට ගෙවිය යුතු රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින ලද සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන අඹුසැමි යුවළකට මාස 6 බැගින් සිර දඬුවම් ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (07) නියෝග කර තිබෙනවා.

මුද්‍රණ කටයුතු ව්‍යාපාරයක අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි තමරා කුමාරි අමරසිංහ හා මහේන්ද්‍ර ගුණසේකර යන විත්තිකාර අඹුසැමි යුවළකට එසේ සිර දඬුවම් නියම කෙරුණු බවයි වාර්තා වන්නේ.

2014 හා 2015 යන වසර දෙක සඳහා රජයට ගෙවිය යුතු රුපියල් 32,512,815,56 ක වැට් බදු රජයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව 2022 වසරේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව එම වැට් බදු රජයට ගෙවන ලෙස අධිකරණය මගින් නියෝග කර තිබුණා.

එම නියෝගය අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් දෙපළ කොළඹ මහාධිකරණය හමුවේ හා අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණද එම ඉල්ලීම් අදාළ අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව එම නඩුව ඊයේ කොළඹ අතිරේක මහේත්‍රාත්වරයා හමුවේ එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී අදාළ බදු මුදල් රජයට ගෙවන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම බදු මුදල් එක්වර ගෙවීමට හැකියාවක් නොමැති බැවින් ඒ සඳහා විත්තිකරුවන්ට වසර පහක සහන කාලයක් ලබා දෙන ලෙස ඔවුන් දෙපළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළද එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා එම වැට් බදු ඊයේ දිනය ඇතුළතම ගෙවන ලෙසටද නියෝග කළේය.

ඊයේ දිනයේ එම වැට් බදු ගෙවීමට තමන්ට හැකියාවක් නොමැති බවට විත්තිකාර යුවළ සිය නීතිඥවරයා මගින් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම විත්තිකරුවන් දෙදෙනාට මාස 6 බැගින් එසේ සිර දඬුවම් ලබා දෙන ලෙසටද නියෝග කළේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
27
+1
3
+1
6
+1
4
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25