AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන් රැගත් බසයක බවුසරයක් ගැටී කෑගල්ලේ දරුණු අනතුරක්

පාසල් ළමුන් රැගත් බස් රථයක පිටුපස බවුසරයක් ගැටීමෙන් අද (07) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල යට්ටෝගොඩ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් බස් රථයේ ගමන් කළ දරුවන් දෙදෙනෙක්, බවුසර් රථයේ රියදුරු හා සහායක තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන්ගෙන් බවුසර් රථයේ සහායකට සහ පාසල් දරුවෙකුට බරපතළ බවට තොරතුරු වාර්තා වනවා.

තුවාල ලැබූවන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?