කාණුවකින් හමු වූ පොලිස් නිලධාරියාගේ මළසිරුර

පොලිස් නිලධාරියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (07) දහවල් කාලයේ මෙම පොලිස් නිලධාරියාගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ ජා – ඇළ පොලිසිය විසින්.

මියගිය පුද්ගලයාගේ මළසිරුර ජා ඇළ අධිවේගී මාර්ග හුවමාරුව අසල කාණුවක තිබී සොයා ගැනුණා.

මෙසේ මියගොස් ඇත්තේ අධිවේගී මාර්ග පොලිසියට අනුයුක්ත 50 හැවිරිදි පොලිස් නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ.

මරණයට හේතුව මෙතෙක් හෙළි ව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.