පොහොට්ටුවේ මහ මැතිවරණ අපේක්ෂකයින් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

එළඹෙන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නිල වශයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙවර මහ මැතිවරණයේ දී නවකයින්ට, තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවයි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීට පෙර සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍ර ඔක්තෝබර් 09,10 සහ 11 යන දිනවල දී භාරදීමට නියමිතයි.

මේ අතර සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ සහ නවක අපේක්ෂකයන් ඇතුළත් කර ගනිමින් ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුව සකස් කරමින් පවතින බවයි.

එළඹෙන මහ මැතිවරණය සඳහා අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව ජාතික ජන බලවේගය පවසනවා.

එලෙස සකස්වන අපේක්ෂක ලැයිස්තු සඳහා අවසන් අනුමැතිය ලැබීමෙන් පසු ඔක්තෝම්බර් 10 සහ 11 දෙදින තුළ නාමයෝජනා භාරදීමට නියමත බවයි එම පක්ෂය සඳහන් කළේ.

එමෙන්ම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නාමයෝජනා කමිටුවද අද (05) දිනයේ රැස් වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

නාමයෝජනා භාරදීම ඔක්තෝබර් 11 වනදා දක්වා මැතිවරණ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05