AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවේ මහ මැතිවරණ අපේක්ෂකයින් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

එළඹෙන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නිල වශයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙවර මහ මැතිවරණයේ දී නවකයින්ට, තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවයි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීට පෙර සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍ර ඔක්තෝබර් 09,10 සහ 11 යන දිනවල දී භාරදීමට නියමිතයි.

මේ අතර සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ සහ නවක අපේක්ෂකයන් ඇතුළත් කර ගනිමින් ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුව සකස් කරමින් පවතින බවයි.

එළඹෙන මහ මැතිවරණය සඳහා අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව ජාතික ජන බලවේගය පවසනවා.

එලෙස සකස්වන අපේක්ෂක ලැයිස්තු සඳහා අවසන් අනුමැතිය ලැබීමෙන් පසු ඔක්තෝම්බර් 10 සහ 11 දෙදින තුළ නාමයෝජනා භාරදීමට නියමත බවයි එම පක්ෂය සඳහන් කළේ.

එමෙන්ම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නාමයෝජනා කමිටුවද අද (05) දිනයේ රැස් වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

නාමයෝජනා භාරදීම ඔක්තෝබර් 11 වනදා දක්වා මැතිවරණ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක අලුතින් එකතු වෙන හිටපු ප්‍රබල ඇමතිවරු මෙන්න
07:32
Video thumbnail
ඉන්දික අනුරුද්ධ ජනපති අනුරට එරෙහිව දුම්මල වරම අතට ගනී
06:59
Video thumbnail
මාධ්‍ය හමුව මැද හර්ෂ යකා නටන්න පටන් ගනී
03:01
Video thumbnail
හර්ෂගෙන් ජනපති අනුරට බැණුම් කෝටියයි - කිව්වෙ එකක් - කරන්නෙ එකක් #anurakumaradissanayake #npp
03:48
Video thumbnail
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිවරුන්ට කියපු දේ
02:13
Video thumbnail
5 ශිෂ්‍යත්ව විභාගය අවුල් කරපු - කිහිප දෙනෙකුට වැඩ වරදී - පොලීසියෙන් කළ විශේෂ ප්‍රකාශයක්
04:29
Video thumbnail
ජනපති අනුරට එදා පලු යනකම් බැනපු මිනිස්සු එක්ක ජනපති අනුර පන්සල් යයි
02:01
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46

?