බංග්ලාදේශයෙන් දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ඊයේ (21) පළමු දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 302ක් රැස්කර ගත්තා.

මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය පැවැත්වුනා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සයිෆ් හසන් ලකුණු බිංදුවකට දැවී ගියේ මුළු ලකුණු ගණන 8ක්ව තිබියදීය.

අනතුරුව තමීම් ඉක්බාල් සමග පිටියේ එක්වූ නජ්මුල් හොසේන් ෂන්ටෝ, දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 144ක් එක් කළා.

ඉක්බාල් ලකුණු 90යි.

දිනය නිමාවන විට ෂන්ටෝ නොදැවී ලකුණු 126ක් සහ නායක මොමිනුල් හක් නොදැවී 64ක් රැස්කර තිබුනා.

පන්දු යැවීමෙන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 61ට කඩුලු 2යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?