AFC Banner
Empty Ad
Empty Ad

චීන යාත්‍රාවකින් පිලිපීන ගුවන් යානයකට ලේසර් ප්‍රහාරයක්

චීන නාවික හමුදාවේ බෝට්ටුවක් බටහිර පිලිපීන මුහුද හරහා සමුද්‍ර නිරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටි ධීවර හා ජලජ සම්පත් කාර්යාංශයේ (BFAR) ගුවන් යානයක තෙවරක් ඉහළ ත්‍රීව ලේසර් කදම්බයක් එල්ල කර ගුවන් කාර්ය මණ්ඩලය අනතුරේ හෙලා ඇතැයි පිලිපීන බලධාරීන් චෝදනා කරනවා.

Cessna වර්ගයේ මුර සංචාරයේ යෙදෙන ගුවන් යානයක් විසින් පිලිපීනයට අයත් යාත්‍රා දෙකක් හඹා යමින් සිටි චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් සහ නාවික හමුදා යාත්‍රා 2ක් නිරීක්ෂණය කර තිබෙනවා.

ඉන් මොහොතකට පසු, චීන නාවික හමුදාවේ යාත්‍රාවක් BFAR ගුවන් යානයට එරෙහිව ලේසර් කදම්බයක් එල්ල කර තිබෙනවා.

එහි නියමුවන් ලේසර් යොමු කිරීම නතර කරන ලෙස චීන යාත්‍රාවට රේඩියෝ පණිවුඩ මගින් දැනුම් දුන්නද ප්‍රතිචාරයක් ලැබී නැහැ.

ඒ වෙනුවට චීන මිසයිල බෝට්ටුවක් මිනිත්තු පහක පමණ පරතරයකින් තවත් දෙවරක් ලේසර් කදම්බ එල්ල කර තිබෙනවා.

ලේසර් මගින් “අධික තීව්‍රතාවයකින් යුත් සුදු ආලෝකයක්” දැල්වූ බවත් ඉන් ගුවන් නියමුවන්ගේ ඇස්වලට අපහසුතාවයක් ඇති කළ බව පිලිපීන බලධාරීන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?