AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මල්වතු සහ අස්ගිරි මහානායකවරුන් හමුවෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිදුව තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ හිටපු පාලකයින් විසින් කුණු කූඩයට දමා තිබෙන බවත් දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ජනවරමක් ලද ජනපති අනුර කුමාර දිසානායක
මහතා යටතේ ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුවනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජේ.ශ්‍රී රංගා මහතා පවසනවා.

පාපන්දු ක්‍රීඩාවෙන් රට නියොජනය කරන ක්‍රීඩකයින් අන්ත අසරණව සිටිය දී පාපන්දු සඳහා රටට ගලා එන රුපියල් කෝටි ගණනක මුදල් වලින් පාපන්දු සම්මේලනයේ නිලධාරීන් සුරසැප විඳින බවද ඒ මහතා කියා සිටියා.

ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු පාපන්දු සම්මේලනයේ හිටපු නියෝජිතයින් පිරිසක් අද (03) දින මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක පාපන්දු සම්මේලනයේ සිදුව තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කර තිබුණා.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජේ.ශ්‍රී රංගා මහතා පවසා ඇත්තේ; පාපන්දු සම්මේලනයේ දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් ‍රණසිංහ මහතා විසින් පත්කළ පංච පුද්ගල කමිටුවේ නිර්දේශ මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බවයි.

රුපියල් මිලියන 08ක් වියදම්කොට නිමකළ වාර්තාව හිටපු පාලකයන් විසින් කුණු කූඩයට දැමූ බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව කතා කළ බවත් ප්‍රකාශ කර තිබුණා.

පසුගිය කාල වකවානුව තුළ රුපියල් මිලියන 25ක් සම්මේලනයට ලැබී ඇති අතර එම මුදල්වලට කුමක්ද වුණේ යන්න පිළිබඳව කිසිවෙකුත් දැනුවත් නොමැති බවත් එම මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?