ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මල්වතු සහ අස්ගිරි මහානායකවරුන් හමුවෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිදුව තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ හිටපු පාලකයින් විසින් කුණු කූඩයට දමා තිබෙන බවත් දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ජනවරමක් ලද ජනපති අනුර කුමාර දිසානායක
මහතා යටතේ ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුවනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජේ.ශ්‍රී රංගා මහතා පවසනවා.

පාපන්දු ක්‍රීඩාවෙන් රට නියොජනය කරන ක්‍රීඩකයින් අන්ත අසරණව සිටිය දී පාපන්දු සඳහා රටට ගලා එන රුපියල් කෝටි ගණනක මුදල් වලින් පාපන්දු සම්මේලනයේ නිලධාරීන් සුරසැප විඳින බවද ඒ මහතා කියා සිටියා.

ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු පාපන්දු සම්මේලනයේ හිටපු නියෝජිතයින් පිරිසක් අද (03) දින මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක පාපන්දු සම්මේලනයේ සිදුව තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කර තිබුණා.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජේ.ශ්‍රී රංගා මහතා පවසා ඇත්තේ; පාපන්දු සම්මේලනයේ දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් ‍රණසිංහ මහතා විසින් පත්කළ පංච පුද්ගල කමිටුවේ නිර්දේශ මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බවයි.

රුපියල් මිලියන 08ක් වියදම්කොට නිමකළ වාර්තාව හිටපු පාලකයන් විසින් කුණු කූඩයට දැමූ බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව කතා කළ බවත් ප්‍රකාශ කර තිබුණා.

පසුගිය කාල වකවානුව තුළ රුපියල් මිලියන 25ක් සම්මේලනයට ලැබී ඇති අතර එම මුදල්වලට කුමක්ද වුණේ යන්න පිළිබඳව කිසිවෙකුත් දැනුවත් නොමැති බවත් එම මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා.

vlcsnap 2024 10 03 13h02m29s652 2
vlcsnap 2024 10 03 13h01m41s227 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40