දේශබන්දුට එරෙහිව ගොනු වූ ගෝල්ෆේස් අරගල නඩුවක් ලබන වසරට කල් යයි

ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් පහරදීම වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් බලරහිත කරමින් අභියාචනාධිකරණය ලබා දී තිබු නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අභියාචනය ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ (03) ඊට අදාළ අභියාචනය මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ, දිලිප් නවාස් යන මහත්ම මහත්මිගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

2022 වසරේ මැයි 09 වැනිදා අරලිය ගහ මන්දිරයේ පැවැත්වු රැස්වීමෙන් අනතුරුව ගාලු මුවදොර පිටියේ රැඳි සිටි නිරායුධ අරගලකරුවන්ට පොදුජන පෙරමුණේ ක්‍රියාකාරින් පිරිසක් විසින් සිදුකල අමානුෂික පහරදීම වළක්වා ගැනීම නිසි පියවර නොගත් එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කර දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එකී උපදෙස් ලබාදීම අභියෝගයට ලක්කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනු කළ රිට් අඥා පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය එම උපදෙස් බලරහිත කරමින් නියෝගයක් නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55