මහා පරිමාණ ගව ඝාතකාගාරයක් වටලයි – විවිධ ප්‍රදේශවලින් සොරකම් කර ගවයින් ගෙනල්ලා!

පානදුර – හේනමුල්ලේ නීතිවිරෝධී මහා පරිමාණ ගව ඝාතකාගාරයක් පානදුර උතුර පොලිසිය මගින් වටලා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; දැනට දින කිහිපයකට පමණ පෙර පොලිස් අණ නොතකා ධාවනය වූ ගවයින් රැගත් ලොරි රථයකට පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පොලිසිය මගින් වෙඩි තැබීමක් සිදුකළ අතර, ඉන්පසුව බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ; දුර පළාත්වලින් ගවයින් රැගෙන එන ස්ථානය පිළිබඳව ලද තොරතුරක් මත එම ගව ඝාතකාගාරය සොයා ගැනීමට බුද්ධි අංශ ඊයේ (02) කටයුතු කරනු ලැබූ බවයි.

කිසිදු බලපත්‍රයක් නොමැතිව හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් සිදු කරන මෙම ගව ඝාතකාගාරය පවත්වා ගෙන ගොස් ඇති බවටයි හෙළි ව ඇත්තේ.

එම ස්ථානයේ සිටි ප්‍රධාන සැකකරු පලා ගොස් ඇති අතර,පොලිසිය එම සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පානදුර උතුර පොලිසිය ප්‍රකාශ කළා.

මෙම ගව ඝාතකාගාරයේ තිබී ඉතා අමානුෂික ලෙස ඝාතනය කරන ලද ගවයින් කිහිපදෙනෙකුගේ මස් කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනුණා.

එම ඝාතනය සඳහා යොදා ගන්නා තියුණු ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගැනුණු අතර, ගවයින් ප්‍රවාහනය කරන ලද බවට සැක සහිත වලංගු ලියාපදිංචි සහතික ඉක්ම වූ ත්‍රීරෝද රථයක් ද පොලිසිය විසින් එම ස්ථානයේ තිබී සොයාගනු ලැබුවා.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ බුත්තල, කතරගම, අවිස්සාවේල්ල ,මතුගම ආදී ප්‍රදේශ රැසකම අයාලේ යන ගවයින් සහ ගොවිපළවල්වල සිටින ගවයින් සොරකමින් පසු මෙම ස්ථානයට රාත්‍රී කාලයේ දී රැගෙනවිත් ඝාතනයන් සිදු කරන බවයි.

මෙම ගව ඝාතකාගාරයෙන් ගවයින් සඳහා ඉහළ මිලක් ලැබෙන බවත් එම නිසා ගව සොරකමේ යෙදෙන පුද්ගලයින් මෙම ස්ථානයට විශාල වශයෙන් ගවයින් රැගෙන ඒමට කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26