මූලික අයිතීන් කඩවුණු කැසිනෝ ව්‍යාපාරයක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමි වන ආකාරයෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැති ව බලපත්‍ර දීමෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කොට තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් 14 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එම පෙත්සම ප්‍රිතිපද්මන් සුර සේන, අචල වෙන්ගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදි සීමිත විරෝධතා ගොනු කරන ලෙස ද වගඋත්තරකරුවන්ට නියෝග කළා.

මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේපාලිකා චන්ද්‍රසේකර, ගොල්ඩන් අයිඩන් හොස්පිටැලටි සමාගම නම් කර තිබෙනවා.

පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා කියා සිටියේ මෙය ජනතාවට බලපාන කටයුත්තක් බැවින් කඩිනමින් විභාගයට ගත යුතු බවයි.

පසුගිය ජුලි 05 වැනිදා ගෝල්ඩන් අයිඩන් හොස්පිටැලටි සමාගමට කැසිනෝ ව්‍යාපාරයක් සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇති අතර එහිදී බලපත්‍රය ලබා ගැනීමට තැන්පත් කළ යුතු අවම මුදල වන මිලියන 500ක මුදලක් තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම එම බලපත්‍රය ලබාගෙන ඇත්තේ පවතින නීති රෙගුලාසිවලට පටහැනිව වන අතර බලපත්‍රය ලබා ගැනීම සඳහා ⁣ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුව වන රුපියල් බිලියන 10ක මුදල මේ දක්වා ගෙවා නැති බව පෙත්සම මගින් පෙන්වා දී ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එමගින් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බවත් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවටත් තීන්දුවක් ලබාදෙන ලෙසත් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30