5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ සාක්ෂි දෙන්න අගතියට පත් පාර්ශ්වය අදත් CID වෙත

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මතු වූ අර්බුදකාරී සිදුවීම සම්බන්ධයෙන් දෙවැනි වරටත් සාක්ෂි ලබාදීමට දෙමාපිය සංසදය අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ ඊයේ (01) දිනයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද දැනුම්දීම ප්‍රකාරවයි.

සැප්තැම්බර් මස 15 වැනි දින පැවැත්වූ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ දී විවිධ ප්‍රදේශවල උපකාරක පන්ති ගුරුවරුන් කිහිපදෙනෙකු විසින් වට්සැප් මාර්ගයෙන් යවා ඇති බවටයි අගතියට පත් ව සිටින දෙමාපිය පාර්ශ්ව චෝදනා කර සිටියේ.

ඒ අනුව වහාම නැවත විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලුව ද, විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලූ අතර ඔවුන් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වී ඇති බවට තහවුරු කෙරුණා.

එම ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍යවරිය විසින් විශේෂඥ කමිටුවක් අදාළ සිදුවීම පිළිබඳ ව තීරණ ගැනීමට පත් කෙරුණු අතර එහිදී තීරණය කෙරුණේ පිටවූවා යැයි පැවසෙන ප්‍රශ්න 03 සඳහා සියලු ම දරුවන්ට නිදහස් ලකුණු පිරිනැමීමටයි.

නමුත් අදාළ තීරණයට විරෝධය පාමින් විභාග දෙපාර්තමේන්තුව අසල ද උද්ඝෝෂණ පැවැත්වුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද උද්ඝෝෂකයින් සාකච්ඡා කෙරුණා.

ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා දැනුම්දුන්නේ දෙසතියක් ගතවන තුරු ශිෂ්‍යත්වයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය නොකරන ලෙසටයි.

මෙම සියලුම කරුණු ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අගතියට පත් දෙමාපිය පාර්ශ්වය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ වින්දිත පාර්ශ්වය විසින් ලබාදෙනු ලැබූ ඇතැම් සාක්ෂි වාර්තා බොහොමයක් සී.අයි.ඩී ය විසින් සලකා බලා නොමැති බවටයි.

එබැවින් වින්දිත පාර්ශ්වයට තමන් සතු සාක්ෂි යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම සඳහායි මෙලෙස අද දිනයේ දී අවස්ථාව හිමිවූයේ.

එමෙන්ම අද පස්වරුවේ දී ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ද වින්දිත පාර්ශ්වය වෙත කැඳවීමක් ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32