5 ශිෂ්‍යත්ව ගැටලුවට මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් වින්දිතයින්ට CID ගොස් සාක්ෂි දීමට තවත් අවස්ථාවක්(වීඩියෝ)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ දී නිකුත් වූ බවට සනාථ වී ඇති පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03 පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යළිත් තමන් සතු සාක්ෂි ලබාදීමේ අවස්ථාවක් දෙමාපිය සංසදයට හිමි ව තිබෙනවා.

ඒ අදාළ සිදුවීම පිළිබඳ ව මීට පෙර අගතියට පත් පාර්ශ්ව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සිදු කරන ලද පැමිණිල්ලක ප්‍රතිඵලයක් වශයෙන්.

ඒ අනුව අද (01) පෙරවරුවේ දී දෙමාපිය සංසදයේ සාමාජිකයින් ව කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවකට කැඳවා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සමගින්.

එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන බවත්; එය අවසන් කර නොමැති බවත් හෙළි ව තිබෙනවා.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශාල වශයෙන් පැමිණිලි ලැබුණ ද; ඇතැම් පැමිණිලි මෙතෙක් විමසීමට භාජනය කර නොමැති බව ද දෙමාපිය සංසදය වෙනුවෙන් ආ එහි සාමාජික නිරෝෂ කරුණාතිලක මහතා ප්‍රකාශ කර සිටියා.

එම කාරණය සම්බන්ධයෙන් ද අද දිනයේ දී පැවති සාකච්ඡාවේ දී අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිස කොමිෂන් සභාවේ පරීක්ෂණ හා විමර්ශන අංශයේ නිලධාරීන් ව දැනුවත් කළ බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව මගින් අදාළ සිදුවීම පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමේන්තුවට ලබා දී ඇති වාර්තාවේ ද ප්‍රගති සමාලෝචනයක් සිදු කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සම්පූර්ණයෙන් ම අවසන් ව එහි අවසාන තීන්දුව දැක්වෙන වාර්තාව නිකුත් වන තෙක් තීරණයක් නොගන්නා ලෙසටයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යළිත් සාක්ෂි ලබාදීමට හෙට (02) පෙරවරු 10ට පැමිණෙන ලෙසට ද දෙමාපිය සංසදය වෙත දැනුම්දී ඇත්තේ අද පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් පසුව බවටයි අගතියට පත් පාර්ශවය සඳහන් කළේ.

අධ්‍යාපන ලේකම්වරියට යොමු කළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය මෙහිදී යොමු වූ බව ද දෙමාපිය සංසදය වැඩිදුරටත් සඳහන් කළා.

දෙමාපිය සංසදය පැවසුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත් වීම මත මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ඉදිරිපත් කළ පැමිණිලිවල නො ඇරුණු සාක්ෂි අඩංගු පැමිණිලි සලකා බැලීමට අවස්ථාවක් ලැබුණු බවත්; ඊයේ (30) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසුව ද හෙට දිනයේ දී ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙතට ද සිද්ධිය සම්බන්ධයෙන් ඇති සියලුම සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන ලෙසට දැනුම්දීමක් කර ඇති බවයි.

මේ අතර අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව වෙත සති දෙකක් යනතුරු ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ නොකරන ලෙසට ද දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08