AFC Banner
Empty Ad
Empty Ad

තහනම් දැල් යොදා ධීවර කටයුතු කළ ධීවරයෝ 25ක් කොටුවෙති

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයෙහි පෙරේදා (28) දින සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීතිවිරෝධී ධීවර කටයුතු සිදු කළ ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ සැකකරුවන් තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතු සිදු කරමින් සිටි බවත්; ඔවුන් ඒ සඳහා භාවිත කළ ආම්පන්න සහ ඩිංගි යාත්‍රා 05ක් ද තම භාරයට ගැනුණු බවයි.

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය
මගින් ත්‍රිකුණාමලය – සල්ලිසාම්බල්තිව් සහ පරෙවි දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හිදී මෙම මෙහෙයුම් සිදු කෙරුණා.

මෙ‍හෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 43 ත් අතර වයසේ පසුවන කින්නියා, එරක්කන්ඩි සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රී’මලේ ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ කොඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?