තහනම් දැල් යොදා ධීවර කටයුතු කළ ධීවරයෝ 25ක් කොටුවෙති

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයෙහි පෙරේදා (28) දින සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීතිවිරෝධී ධීවර කටයුතු සිදු කළ ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ සැකකරුවන් තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතු සිදු කරමින් සිටි බවත්; ඔවුන් ඒ සඳහා භාවිත කළ ආම්පන්න සහ ඩිංගි යාත්‍රා 05ක් ද තම භාරයට ගැනුණු බවයි.

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය
මගින් ත්‍රිකුණාමලය – සල්ලිසාම්බල්තිව් සහ පරෙවි දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හිදී මෙම මෙහෙයුම් සිදු කෙරුණා.

මෙ‍හෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 43 ත් අතර වයසේ පසුවන කින්නියා, එරක්කන්ඩි සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රී’මලේ ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ කොඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18