නීතිපති දෙපාර්තමේන්තුවට නීතිඥයින් බඳවා ගැනීමේ දී වංචාවක්

නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥයින් (State Counsel) බඳවා ගැනීමට පැවති සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් නීතිඥයින්ගේ නම් කපා දමා; විවිධ හිතවතුන්ගේ නම් ඇතුළත් කර පත්වීම් ලබාදීමට කළ උත්සාහයකට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු ව තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥයින් 23 දෙනෙකු බඳවා ගැනීමට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනි දින මේ වසරේ ජනවාරි 22 දින දක්වා කාලය තුළ අයදුම්පත් කැඳවූ බවයි.

ඒ සඳහා සමස්ත අයදුම්පත්‍ර 800ක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබුණු බව ද පැවසෙනවා.

එම අයදුම්පත් අතුරින් මූලික සුදුසුකම් සපුරා තිබූ අපේක්ෂකයන් 600ක් සිටි අතර සුදුසුකම් නොතිබූ අපේක්ෂකයන් 200කගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරුණු බවයි වාර්තා වන්නේ.

මූලික සුදුසුකම් සහිත අපේක්ෂකයන් 600 දෙනාම දිනකට 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් වන සේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා පරීක්ෂණයට භාජනය කිරීමට ද කටයුතු කෙරුණා.

එම සම්මුඛ පරීක්ෂණයන්ගෙන් අනතුරුව අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් 46 දෙනෙකු තෝරා ගෙන තිබුණා.

ඉන් අනතුරුව පුරප්පාඩු සංඛ්‍යාව 38ක් දක්වා වැඩි කර අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරාගත් අයදුම්කරුවන් ගණන 76 දක්වා ඉහළ නංවා ඇති බවයි පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් නිසි ක්‍රියාදාමය තුළ සුදුස්සන් තෝරා ගැනීම සිදුවෙද්දී ඉහළ තැනකින් විවිධ සම්බන්ධතා සහිත අයවලුන්ගේ හිතවතුන් මේ සඳහා පත් කිරීමට කටයුතු කෙරෙන බව
හෙළිදරවු වන තත්ත්වයක දී මෙකී තනතුර සඳහා ඉල්ලුම් කළ සියලු සුදුසුකම් සහිතව සිටියදීත් නොතේරුණ අපේක්ෂකයින් විසින් මෙම පත්වීම් සම්බන්ධයෙන් සාධාරණ යුක්ති මූලධර්මයන්ට පටහැනි බවත්; ඒ නිසා දුන් සියලු පත්වීම් තහනම් කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පසුගියදා (26) අභියාචනාධිකරණය වෙත පෙත්සමක් යොමු කෙරුණා.

නීතීපතිවරයා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති, හිටපු නීතිපති සහ සොලිසිටර් ජනරාල් ඇතුළු 53 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10