AFC Banner
Empty Ad
Empty Ad

චීන ඩ්‍රෝනවලට අමෙරිකාවේ තහනමක්

බුද්ධි තර්ජන එල්ල කිරීමේ අවදානම සැලකිල්ලට ගෙන චීන ඩ්‍රෝන යානා භාවිතය නතර කරන ලෙස චීන කොමියුනිස්ට් පක්ෂ කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේ නායකත්වය වර්ජිනියා රජයෙන් ඉල්ලා තිබෙනවා.

CIA ප්‍රධානියා, ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහළ පෙළේ රජයේ නියෝජිතයන්ගේ නිවෙස් පිහිටා තිබීම හේතුවෙන් චීන ඩ්‍රෝන යානා භාවිතා කිරීම නවත්වන ලෙසයි තේරීම් කමිටුව ඉල්ලා සිටින්නේ.

කමිටු සභාපතිවරයා ෆෙයාර්ෆැක්ස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මහජන චීන සමූහාණ්ඩුවේ (පීආර්සී) නිෂ්පාදනය කරන ලද හෝ අයිතිය ඇති මිනිසුන් රහිත ගුවන් පද්ධති ප්‍රසම්පාදනය සහ යෙදවීම නැවත සලකා බලන ලෙසයි.

එක්සත් ජනපදයේ ජාතික සහ ආර්ථික ආරක්ෂාවට තර්ජනයක් ලෙස PRC විසින් සාදන ලද ඩ්‍රෝන යානා තේරීම් කාරක සභාව විසින් හඳුනාගෙන ඇති බව එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?