AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණයෙන් නේපාලයට දැඩි බලපෑම් – 148ක් මරුට

නේපාලයේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 148 දෙනෙකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින දෙකක දැඩි වර්ෂාපතනයෙන් පසු 50කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර පුද්ගලයින් 3,600ක් පමණ පිරිසකගේ දිවි බේරාගෙන ඇති බව සඳහන්.

නිවාස දහස් ගණනක් ජලයෙන් යටවීම හේතුවෙන් ඉහළ යන ජලයෙන් බේරීම සඳහා ඔවුන් “එක් වහලකින් තවත් වහලකට පනිමින්” තම දිවි රැක ගැනීමට ජනතාව උත්සාහ දරණ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලබන අඟහරුවාදා තෙක් එම වර්ෂාපතනය පවතින බව එරට බලධාරීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?