AFC Banner
Empty Ad
Empty Ad

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ විභාග ප්‍රතිඵල නිකුත් කළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයට හෝ 0112 785922, 0112 786616, 0112 784208 හෝ 0112 784537 යන දුරකථන අංක ඇමතීමෙන් දැනගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ඔක්තෝබර් මස පළමු වනදා සිට ඔක්තෝබර් මස 14 වන දින දක්වා විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සිදු කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?