ශ්‍රී ලංකා දඟ පන්දුව ඉදිරියේ කිවියන් පළමු ඉනිමේ දී අසරණ වෙයි

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

නවසීලන්ත පළමු ඉනිම සුණු විසුණු කළ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 42කට කඩුලු 06ක් බිඳ දැමීමට සමත් වුණා.

මීට අමතරව මෙම තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත් යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් නවසීලන්ත පළමු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

අද දිනය තුළ ලකුණු 66කට නවසීලන්ත ඉනිමේ අවසන් කඩුලු අටම දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවීම ද විශේෂත්වයක්.

නවසීලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මිචෙල් සැන්ට්නර් ලකුණු 29ක් රැස්කළ අතර, අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවට පැමිණීමට හැකියාව ලැබුනේ නැහැ.

ඒ, අනුව ශ්‍රී ලංකාව නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 514ක් ඉදිරියෙන් පසුවනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40