රන් ආලේප කර ව්‍යාජ ස්වර්ණාභරණ උකස් කර මුදල් ගැරූ කාන්තාවක් සිපිරිගෙට

රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද ස්වර්ණාභරණ උකසට තබා මුදල් ලබාගත් කාන්තාවක් හැටන් පොලිසිය විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (25) දින ඉදිරිපත් කළ අවස්ථාවේ එම සැකකාරිණිය ව ලබන මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වටවල පොලිස් වසමට අයත් වැලිඔයවත්තේ පදිංචි 48 හැවිරිදි තිදරු මවක්.

කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත ව සිටින සැකකාර කාන්තාව රන් ආලේපිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද කුඩා මුදු, පංචායුද, කරාබු ආදිය හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල පිහිටි උකස් මධ්‍යස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත රැගෙන ගොස් උකස් කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක් කලක සිට සිදු කරගෙන ගොස් ඇති බවයි හෙළි ව ඇත්තේ.

උකස් ගන්නා රන් ආභරණ පරීක්ෂා කරන යන්ත්‍රවලට පවා හසු නොවන ආකාරයට මෙම ව්‍යාජ ස්වර්ණාභරණ සකස් කර ඇති බවත්, එම කාන්තාව එසේ සකස් කරන ලද ව්‍යාජ මුදු කිහිපයක් හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් කිරීමට පැමිණි අවස්ථාවේ ඒ පිළිබඳ ව සැක සිතී එම උකස් මධ්‍යස්ථානයේ හිමිකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කළ දැනුම්දීමක් මත අත් අඩංගුවට ගැනීම සිදු කෙරුණා.

සැකකාර කාන්තාව විසින් මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් විශාල මුදලක් උපයාගෙන ඇති බවත්, සැකකාරිණිය විසින් හැටන් නගරයේ මෙවැනි ආකාරයට උකස් තැබූ ව්‍යාජ රන් ආභරණ පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?