AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති මහින්දගෙන් සහතිකයක් (වීඩියෝ)

තම පක්ෂය කිසිදු ලෙසකින් එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානය සමග එක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේ සාකච්ඡාවක් අද (25) උදෑසන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදියි.

මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධ ව වැඩි වශයෙන් අවධානය යොමු ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම විශේෂ සාකච්ඡාවට හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි, WD වීරසිංහ, ගාමිණි ලොකුගේ, ප්‍රේමලාල් අතුකෝරල, සංජීව එදිරීමන්න ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?