AFC Banner
Empty Ad
Empty Ad

IMF තුන්වන සමාලෝචනය පිළිබඳව ශ්‍රී ලංකාවේ නව පරිපාලනය සමඟ කඩිනමින් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව විසින්, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන තිබෙනවා.

“මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරයි,” යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් වන Ad Hoc Bondholders සමූහය (“AHGB”) සහ ශ්‍රී ලංකාවේ දේශීය සම්මේලනය (“LCSL”) සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එහි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ මෙම ගිවිසුම්වලට එළඹ තිබෙනවා.

ගිවිසුම් යටතේ, බැඳුම්කර හිමියන් 11% ක වට්ටම් සාධකයක් සමඟ ගණනය කරනු ලබන මූලික තත්ත්වය තුළ 40.3% ක වර්තමාන වටිනාකම් සහනයකට එකඟ වනු ඇති.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය පිළිබඳව හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවේ නව පරිපාලනය සමඟ සාකච්ඡා කරන බව එම අරමුදල පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?