රුපියල් ලක්ෂ 100කට ආසන්න වටිනාකමකින් යුත් නීතිවිරෝධී මත්ද්‍රවය සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.
මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ බේරුවල – මාගල්කන්ද ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.
බේරුවල පොලිසිය පැවසුවේ මෙම සැකකරු සන්තකයේ තිබී ඇත්තේ හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය බවයි.
ගුවන් හමුදා බුද්ධි අංශයට හා විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත බේරුවල පොලිසිය හා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එක් ව අදාළ මෙහෙයුම සිදු කර තිබෙනවා.
අදාළ සැකකරු බේරුවල ප්‍රදේශයේ ම කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි අයෙකු බවටයි හෙළි ව ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල – බුබුලවත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා හෙරොයින් වෙනත් පුද්ගලයන්ගෙන් ලබාගෙන මෙම ජාවාරම සිදු කරන බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකරු හෙට (24) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














ithamath agana meheyak.rata jathiya agama wenuwen kapa wena oba samata apage uththama acharaya labewa.emenma me ratin math jawarama thuran kirimata oba siyaluma denata shakthiya dairiya wasanawa wadi wadiyen labewa…congratulation🙏🙏🙏🙏