‘තව දවස් දෙකක් විතර බලං ඉන්න’ – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනපතිගෙන් ඉඟියක් (වීඩියෝ)

රට තුළ විශාල වෙනසක් සහ සංවර්ධනයක් ඇති කරලීම තනි පුද්ගලයෙකුට සිදු කළ නොහැකි බවත්; එම පුද්ගලයා සහ ඒ වටා බැඳී සිටිනා වූ සියලු ම පුද්ගලයින් මෙන් ම ආයතන තුළින් ගොඩනැගිය යුතු ක්‍රියාවලියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

තමන්ගේ පාර්ශ්වයෙන් ජනතාව බලාපොරොත්තු වන විශාල වෙනස ඇති කරලීමට ගත හැකි සෑම වෙනසක් ම ගැනීමට කටයුතු කරන බවයි මහ නා හිමිවරුන් බැහැ දකිමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ තමන්ට මහ නා හිමිවරුන් ආශිර්වාද කරමින් කියා සිටියේ ග්‍රාමීය ව සිටිමින් දුක් විඳින ජනතාවට නව ජීවිතයක් යහපත් අන්දමින් ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමට පියවර ගන්නා ලෙසයි.

රටේ එක් තැනක නොව පද්ධතියේ ම වෙනසක් ඇති කරලීමට අවශ්‍ය ව ඇති බවත් ඊට අවශ්‍ය සියලු ම කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් නව ජනාධිපතිවරයා කියා සිටියා.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පළමු දින ම සිදු කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවට කළ ප්‍රකාශය මතක දැයි යනුවෙන්.

ඊට නව ජනාධිපතිවරයා සිනහ මුසු මුහුණින් ප්‍රකාශ කළේ; ‘ලිහල බැලිය යුතු මල්ල – ඔබලා බැලීම අනවශ්‍ය’ බවත් දින දෙකක් තුළ සිදු වන්නේ කුමක්දැයි බලා සිටින ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18