ජනපති අනුරට කථානායකත් සුබ පතයි

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත් වූ අනුර කුමාර දිසානායක වෙත සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ලාංකික පුරවැසියන් සිය මව්බිම අනාගත ලෝකය කරා ගෙනයාමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර ඇති බවත්, මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම රටපුරා මහජනයා විසින් සිය ඡන්දය අතිශය සාමකාමීව භාවිතය මගින් ඇති කළ වෙනසක් බව තම නිරීක්ෂණය බවත් කථානායකවරයා සිය සුබපැතුම් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

බරපතල ගණයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව මෙවන් ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීමේ ගෞරවය නිසැකවම ජය පැරදුම එක ලෙස විඳින්නට තීරණය කළ අපගේ ජනාධිපති අපේක්ෂකයන්ගේ ජයක් මෙන්ම මැතිවරණ කොමිසමේ, ත්‍රිවිධ
හමුදාව, පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශයේ මෙන්ම දැනුවත් පුරවැසියාගේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ ද සැබෑ ජයග්‍රහණයක් බවයි කථානායකවරයා පෙන්වා දෙන්නේ.

අනුර කුමාර දිසානායක කෙරෙහි ඇති වූ මේ මහජන විශ්වාසය එක රැයෙන් පහළ වූවක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කලක් නියුක්ත වීමේ ප්‍රතිඵලයක් බව ද කථානායකවරයා තවදුරටත් පෙන්වා දෙනවා.

වර්තමානයේ ඔහු ඉදිරියේ ඇත්තේ පහසු අභියෝගයක් නොවන අතර, අපගේ සමාජ ආර්ථික දේශපාලනික දේහයේ විචල්‍යතා මැනවින් හඳුනාගන්නා අතරෙහි ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා අතර, නොගැටෙමින් දිසානායක මහතාට මේ දීර්ඝ ගමන තිරසාරව ගමන් කිරීම සඳහා ප්‍රමාණවත් දේශපාලන අධිෂ්ඨානයක් සතු බව තම විශ්වාසය බවද කථානායකවරයා පවසනවා.

නව විධායක ජනාධිපතිවරයෙකු සමඟ ශ්‍රී ලංකාව මේ අරඹන නව ගමනට සිය හදවතින්ම සුබ පැතුම් එක් කරන බව ද කථානායකවරයා සිය සුබපැතුම් පණිඩිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන අය ද පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය ලෙස ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක වෙත සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06