AFC Banner
Empty Ad
Empty Ad

ඇමති අලි සබ්‍රිගෙන් අනුර කුමාරට සුබපැතුම්

ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකාවාසී ජනතාව ලබාදුන් ජන වරමට සම්පූර්ණයෙන්ම ගරුකරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ කැමැත්තට ගරු කිරීම ඉතා වැදගත් වන අතර, තමන් එය නොපැකිළව සිදුකරන බවයි අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට තම අවංක සුබ පැතුම් පිරිනමන බව ද අලි සබ්‍රි අමාත්‍යවරයා පවසනවා.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
37
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?