AFC Banner
Empty Ad
Empty Ad

නාමල්ගේ බිරිඳත් රටින් යයි – ඉත්තෑකන්දේ හිමියනුත් හොංකොං නුවරට

හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ඊයේ දින (21) රාත්‍රියේ ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 272 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද අද (22) දින අලුයම හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 610 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ද තායිලන්තයේ බැංකොක් නුවර බලා ඊයේ (21) රාත්‍රියේ පිටව ගොස් තිබුණා.

ඊට අමතරව ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ අද අළුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
12
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?