ඡන්දය ප්‍රකාශ කිරීම සාර්ථකව – මේ වනවිට වැඩිම ප්‍රතිශතය කළුතරින්

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ආරම්භ වුණා.

අද පෙරවරු 10.00 වනවිට වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීම කළුතර දිස්ත්‍රික්කයෙන් 32%ක් ලෙස වාර්තා වී තිබූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ එය දැක්වුණේ 30%ක් ලෙසයි.

ඊට අමතරව වව්නියාව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 30%ක් ලෙස වාර්තා වාර්තා වී තිබුණා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ 20%ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ 15%ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තා වුණා.

අද පෙරවරු 10.00 වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ 30%ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ 29%ක් සහ වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ 25%ක් ලෙස ද දැක්වුණා.

ඊට අමතරව මාතලේ 22%, හම්බන්තොට 25%, යාපනය 22%, කිලිනොච්චිය , 27%, පුත්තලම 23%, අනුරාධපුරය 30%, ත්‍රිකුණාමලය 30%ක් ලෙස දැක්වුණා.