බ්‍රැඩ්මන්ට්ට පමණක් දෙවැනි වුණු කමිඳුගේ වාර්තාව

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ අවම ඉනිම් ගණනක් ක්‍රීඩා කරමින්; වැඩිම ටෙස්ට් සාමාන්‍යයක් ඇති පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඔහුට මෙම නව ස්ථානය හිමි වුණේ ඊයේ (18) ගාල්ලේ දී සංචාරක නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී සිය සිව්වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමත් සමගයි.

කමිඳු ටෙස්ට් තරග 07කට එක් ව ඇති අතර එහිදී ඉනිම් 11කට මුහුණ දී තිබෙනවා.

එම ඉනිම් 11 දී කමිඳු ශතක 04ක් සහ අර්ධ ශතක 04ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනෙන දස්කමක්.

නවසීලන්තයට එරෙහිව කමිඳු ඊයේ දින දැවී යන විට ලකුණු 114ක් ලබාගෙන සිටියා.

කමිඳු මෙන්ඩිස්ගේ මෙම දක්ෂතාව ලෝක ටෙස්ට් පිටියේ තවත් වාර්තාවක් අබියසට පැමිණීමට හැකි වී තිබෙනවා.

ඒ අවම ඉනිම් 10කට පසු වැඩිම ටෙස්ට් සාමාන්‍ය ඇති පිතිකරුවන්ගේ පළමු තැන රැඳී සිටින ඔස්ට්‍රෙලියානු හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක දොන් බ්‍රැඩ්මන් (Don Bradman)ට පමණක් දෙවැනි වෙමින්.

බ්‍රැඩ්මන් මෙම දක්ෂතාව දක්වා ඇත්තේ සිය පිතිකරණයේ සාමාන්‍යය 80.90ක් රඳවා ගනිමින් වන අතර බ්‍රැඩ්මන්ගේ සටහන් ව ඇත්තේ එය 99.94ක් ලෙසයි.

මෙම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය ඉන්දීය නවක ක්‍රීඩක යසස්වි ජයිස්වාල් හට හිමි ව තිබෙනවා.

සිව්වැනි තැන හිමි ව ඇත්තේ නවසීලන්තයේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ස්ටිවිවී ඩෙම්ප්ස්ටර් හටයි.

පස්වැනි තැන ද ඔස්ට්‍රෙලියානු ක්‍රීඩකයෙකුට හිමි ව තිබෙනවා.

ඔහු නමින් සිඩ්නි බාර්නර්ස්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03