21 -22 යන දෙදින සුරාසැල් වැසේ – විෂ සහිත මත්පැන් ගැනත් මතක් කිරීමක්

අනිද්දා (21) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු ම මත්පැන් අලෙවිසැල් වසා දැමීමට කටයුතු කර ඇති බව සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි පවසනවා.

කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ඒ අනුව සැප්තැම්බර් මස 21 හා 22 යන දෙදින තුළ කිසිදු මත්පැන් සැලක් විවෘත නොවන බවයි.

එම දෙදින තුළ කිසිදු ආකාරයකින් සුරාසැල් විවෘත කිරීමක් සිදු කළ නොහැකි බවත්; ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර නිරීක්ෂණයට නිලධාරින් යොදවා ඇති බවත් නීතිය කඩකිරීමක් සිදු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම දෙදින තුළ බොහෝ විට නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දැරීමට ඉඩ ඇති බවත් ඒවා විවිධ විෂ සහිත ඒවා වීමේ ඉඩකඩක් වුව ද පැවතිය හැකි බැවින් භාවිත නොකරන ලෙසට ද සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම කිසියම් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය නම් පැය 24 පුරාම විවෘත කර ඇති 1913 හදිසි පැමිණිලි අංශයට සිය දෙපාර්තමේන්තුවේ දැනුම්දෙන ලෙසටයි සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් දන්වා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18