නාඳුනන මළසිරුරු දෙකක් ප්‍රදේශ දෙකකින් හමුවෙයි

මග්ගොන, පැලපොල්ගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට සමීප ගල්වැටිය අසල අද(19) පෙරවරුවේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව පයාගල පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා කාගේ කවුද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පැවසෙන්නේ.

අප දසත වාර්තාකරු සඳහන් කළේ; වයස අවුරුදු 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මුහුදු වෙරළ අයිනේ සිරුර ගොඩ ගසා තිබූ ස්ථානයට බේරුවල හදිසි මරණ පරීක්ෂක සහ පයාගල පොලිසිය, කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කර තිබෙනවා.

එම මෘත ශරීරය පිළිබඳ මූලික මරණ පරීක්ෂණය බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයට හා සිරුර හඳුනා ගැනීමට කළුතර නාගොඩ ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස පයාගල පොලිසියට දැන්වූ බව හදිසි මරණ පරීක්ෂකවරයා මාධ්‍යයට පැවසූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර කුරුණෑගල – පුත්තලම තිත්තවැල්ල වැවේ ගිලී තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් ගොඩගෙන තිබෙනවා.

අප දසත වාර්තාකරු පැවසුවේ අද පෙරවරුවේ මෙම මළසිරුර ප්‍රදේශවාසීන් විසින් පොලිසියට සිදු කරන ලද දැනුම්දීමක් මත ගොඩගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තෙ කවුරුන් දැයි මෙතෙක් නිශ්චිත ව හඳුනාගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56