AFC Banner
Empty Ad
Empty Ad

හදිසි ප්‍රතිකාර ඒකකයට සෙරෙප්පු ගලවා පැමිණෙන්න යැයි කියූ වෛද්‍යවරයාට ගුටි පූජාවක් (වීඩියෝව)

හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රෝගියෙකුගේ පවුලේ ඥාතීන් පිරිසක් විසින් එහි වෛද්‍යවරයාට පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාගේ ගුජරාට් ප්‍රාන්තයෙන්.

NDTV පුවත් සේවය වාර්තා කරන්නේ; ගුජරාට් ප්‍රාන්තයේ භව්නගර් හි පිහිටි පෞද්ගලික රෝහලක දී මෙම සිදුවීම සිදු ව ඇති බවයි.

හිසට සිදු වූ තුවාල හේතුවෙන් කාන්තාවක් ඊයේ (18) මෙම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබෙනවා.

ඒ සමග ඇයගේ පවුලේ ඥාතීන් ද හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් වී ඇති බවයි පැවසෙන්නේ.

එම පිරිස පාවහන් පැළැඳ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් වීම හේතුවෙන්; රෝගියාට ප්‍රතිකාර කිරීමට පැමිණි
Jaideepsinh Gohil නමැති වෛද්‍යවරයා පවසා ඇත්තේ පාවහන් ගලවා පැමිණෙන ලෙසයි.

එම දැනුම්දීම සිදු කළා යැයි උරණ වීමෙන් පසු රෝගියාගේ පවුලේ උදවිය වෛද්‍යවරයාට පහර දී ඇති බවටයි පැවසෙන්නේ.

අදාළ සිදුවීම එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් වී ඇති අතර, පසුව රෝගී වූ කාන්තාව ඇඳෙන් බැස ගැටුම සමථයකට පත් කිරීමට ද උත්සාහ ගන්නා ආකාරය ද දැක්වෙනවා.

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමත් සමග විත්තිකරු පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර; ගැටුමෙන් හදිසි ප්‍රතිකාර අංශයේ දේපොළවලට ද හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නෙ.

වෛද්‍යවරයාට පහරදෙන ආකාරය දැක්වෙන සම්පූර්ණ සීසීටීවී දර්ශන ඇතුළත් වීඩියෝව මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?