හදිසි ප්‍රතිකාර ඒකකයට සෙරෙප්පු ගලවා පැමිණෙන්න යැයි කියූ වෛද්‍යවරයාට ගුටි පූජාවක් (වීඩියෝව)

හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රෝගියෙකුගේ පවුලේ ඥාතීන් පිරිසක් විසින් එහි වෛද්‍යවරයාට පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාගේ ගුජරාට් ප්‍රාන්තයෙන්.

NDTV පුවත් සේවය වාර්තා කරන්නේ; ගුජරාට් ප්‍රාන්තයේ භව්නගර් හි පිහිටි පෞද්ගලික රෝහලක දී මෙම සිදුවීම සිදු ව ඇති බවයි.

හිසට සිදු වූ තුවාල හේතුවෙන් කාන්තාවක් ඊයේ (18) මෙම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබෙනවා.

ඒ සමග ඇයගේ පවුලේ ඥාතීන් ද හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් වී ඇති බවයි පැවසෙන්නේ.

එම පිරිස පාවහන් පැළැඳ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් වීම හේතුවෙන්; රෝගියාට ප්‍රතිකාර කිරීමට පැමිණි
Jaideepsinh Gohil නමැති වෛද්‍යවරයා පවසා ඇත්තේ පාවහන් ගලවා පැමිණෙන ලෙසයි.

එම දැනුම්දීම සිදු කළා යැයි උරණ වීමෙන් පසු රෝගියාගේ පවුලේ උදවිය වෛද්‍යවරයාට පහර දී ඇති බවටයි පැවසෙන්නේ.

අදාළ සිදුවීම එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් වී ඇති අතර, පසුව රෝගී වූ කාන්තාව ඇඳෙන් බැස ගැටුම සමථයකට පත් කිරීමට ද උත්සාහ ගන්නා ආකාරය ද දැක්වෙනවා.

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමත් සමග විත්තිකරු පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර; ගැටුමෙන් හදිසි ප්‍රතිකාර අංශයේ දේපොළවලට ද හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නෙ.

වෛද්‍යවරයාට පහරදෙන ආකාරය දැක්වෙන සම්පූර්ණ සීසීටීවී දර්ශන ඇතුළත් වීඩියෝව මෙතැනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32