කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

සැප්තැම්බර් මස 15 වැනි ඉරුදින දිවයින පුරා විවිධ පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ 2024 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර දිනයේ දී පිටවීමේ සිදුවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල දෙමාපියන් එක් ව උද්ඝෝෂණය කෙරුණා.

මෙහිදී කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී ද අද (18) අසාධාරණයට ලක් වු දරුවන්ගේ දෙමාපියන් විසින් උද්ඝොෂණයක් සංවිධානය කර තිබෙනවා.

උද්ඝෝෂණය කරන ලද පිරිස විසින් කියා සිටින්නේ අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් හැකි ඉක්මනින් සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.

මෙවැනි ම සිදුවීමක් අනුරාධපුරයෙන් ද වාර්තා වූ අතර වරකාපොළ සහ අලව්ව යන ප්‍රදේශවල ගුරුවරු පිරිසක් ද මෙලෙස කලින් දිනයේ දී රාත්‍රියේ අමතර පන්ති පවත්වමින් ප්‍රශ්න පත්‍රය දරුවන් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගාල්ල, කෑගල්ල, වරකාපොළ, අලව්ව, පූගොඩ සහ කැකිරාව යන ප්‍රදේශවල ද මෙලෙසින් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට දැඩි දඬුවම් ලබාදෙන ලෙසත්; අසාධාරණයට ලක් වූ තම දරුවන්ට යළිත් ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙසටත් තම දරුවන් යළිත් විභාගයට පෙනී සිටීමට සූදානම් බවත් විරෝධතාකරුවන් පවසනවා.

මේ අතර අද (18) පෙරවරුවේ බත්තර මුල්ලේ පිහිටි විභාග මධ්‍යස්ථානය ඉදිරිපිට ද දෙමාපියන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03