කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

සැප්තැම්බර් මස 15 වැනි ඉරුදින දිවයින පුරා විවිධ පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ 2024 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර දිනයේ දී පිටවීමේ සිදුවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල දෙමාපියන් එක් ව උද්ඝෝෂණය කෙරුණා.

මෙහිදී කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී ද අද (18) අසාධාරණයට ලක් වු දරුවන්ගේ දෙමාපියන් විසින් උද්ඝොෂණයක් සංවිධානය කර තිබෙනවා.

උද්ඝෝෂණය කරන ලද පිරිස විසින් කියා සිටින්නේ අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් හැකි ඉක්මනින් සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.

මෙවැනි ම සිදුවීමක් අනුරාධපුරයෙන් ද වාර්තා වූ අතර වරකාපොළ සහ අලව්ව යන ප්‍රදේශවල ගුරුවරු පිරිසක් ද මෙලෙස කලින් දිනයේ දී රාත්‍රියේ අමතර පන්ති පවත්වමින් ප්‍රශ්න පත්‍රය දරුවන් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගාල්ල, කෑගල්ල, වරකාපොළ, අලව්ව, පූගොඩ සහ කැකිරාව යන ප්‍රදේශවල ද මෙලෙසින් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට දැඩි දඬුවම් ලබාදෙන ලෙසත්; අසාධාරණයට ලක් වූ තම දරුවන්ට යළිත් ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙසටත් තම දරුවන් යළිත් විභාගයට පෙනී සිටීමට සූදානම් බවත් විරෝධතාකරුවන් පවසනවා.

මේ අතර අද (18) පෙරවරුවේ බත්තර මුල්ලේ පිහිටි විභාග මධ්‍යස්ථානය ඉදිරිපිට ද දෙමාපියන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?