AFC Banner
Empty Ad
Empty Ad

නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා පැතිරෙයි

එක්ස්. ඊ. සී (XEC) ලෙස නම් කරන ලද නව කොවිඩ් ප්‍රබේදයක් යොරෝපය පුරා වේගයෙන් ව්‍යාප්තවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ එය ඉක්මනින් ව්‍යාප්ත විය හැකි කොවිඩ් ප්‍රභේදයක් බවයි.

බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම නව ප්‍රභේදය ප්‍රථම වරට ජුනි මාසයේ ජර්මනියේ දී සොයාගෙන ඇති අතර එතැන් සිට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ තවත් රටවල් කිහිපයකම ව්‍යාප්ත වී ඇති බව හඳුනාගෙන තිබුණා.

මේ වන විට පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27 කින් සාම්පල 500 ක ද එම නව ප්‍රභේදය අඩංගු බවට සොයාගෙන තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ මෙය ඔමික්‍රොන් ප්‍රභේදයේ උප පෙළපතක් වන අතර යම් යම් විකෘති කිහිපයකින් සමන්විත වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
7
+1
6
+1
24
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?