AFC Banner
Empty Ad
Empty Ad

ජවිපෙ ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි දෙකක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ජනතා විමුක්ති පෙරමුණට ගුවන් විදුලි නාලිකාවක් සඳහා නොමිලේ බලපත්‍ර සහ මහජන සංඛ්‍යාත ලබා දී ඇති බවත්; පසුව එය පවත්වාගෙන යාමට නොහැකි වීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු හට විකුණා ඇති බවටත් සඳහන් කරමින් පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයට ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම මාලිමා පාක්ෂිකයින් මීට මාස 06කට පෙර හබරාදූව විවිධ සේවා සමූපකාර සමිතියේ බලය ගත් බවත්; එහිදී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර ව අලුත් හර්ස් රථයක් මිල දී ගැනීමට අවශ්‍ය බව දන්වමින් ලේඛන සකසා පැරණි වෑන් රථයක් මිල දී ගෙන ඇති අතර මේ වනවිට එම රථය ද අතුරුදන් ව ඇති බවට ද සඳහන් කරමින් තවත් පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවයි පැවසෙන්නේ.

අද (18) පෙරවරුවේ මෙම පැමිණිලි ද්විත්වයම මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය විසින් ගොනු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
62
+1
1
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?