5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය තවත් ප්‍රදේශ දෙකකින් පිටවෙලා – පැමිණිලි අරං මව්පියෝ හෙට බත්තරමුල්ලට

පෙරේදා (15) දිනයේ දී නිමාවට පත් වූ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය වේලාසනින් ම පිට වීම සම්බන්ධයෙන් වූ සිදුවීමක් අලව්ව සහ වරකාපොළ ප්‍රදේශවලින් ද වාර්තා වනවා.

දසත වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට එම ප්‍රදේශයේ දෙමව්පියන් පිරිසක් හෙට (18) උදෑසන 8.30ට කෑගල්ල අධ්‍යාපන කාර්‍යාලයට සහ තවත් කණ්ඩායමක් බත්තරමුල්ල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බවයි.

මෙම සිදුවීමට ගුරුවරුන් දෙදෙනකු සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දූරකථනයකින් ඡායාරූපගත කර එය බෙදා හැර ඇති බවට ඊයේ (16) දිනයේ දී ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු සයදෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවට ජාතික පුවත්පත්වල සහ වෙබ් අඩවිවල වාර්තා වුණා.

මෙම සිදුවීම සිදු වී ඇත්තේ අනුරාධපුර, රත්මලේතිස්ස විදුහලේදී වන බවත්; ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වූයේ.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක් ව සිටින බවට තොරතුරු වාර්තා වුණා.

මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර ,නොචිචියාගම, කොළඹ, ඇතුළු ප්‍රදේශ කිහිපයකට යවා ඇති බවට ද හෙළි ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05