ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24 තුළ පැමිණි දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව 196ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 15 දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 4411 බවයි එම කොමිෂම විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ වන විට වාර්තා වූ මැතිවරණ පැමිණිලි අතුරින් පැමිණිලි 3828 විසඳා ඇති අතර ක්‍රියා කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 583ක්.

04