ඊශ්‍රායල ප්‍රහාරවලින් අදත් පලස්තීන වැසියන් මරුට – එක්සත් ජාතීන්ගෙන් ජන සංහාරයක් ගැනත් ප්‍රකාශයක්

ගෙවුණු දිනය වන විට (16) ඊශ්‍රායලය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 35 දෙනා හැරුණුකොට අද (17) දිනයේ දී ද තවත් පලස්තීන ජාතිකයින් තිදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඒ අනුව යුද විශ්ලේෂකයින් පවසන්නේ මේ වනවිට 38 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරවලින් මරුමුවට පත් ව ඇති බවයි.

ඊශ්‍රායලය විසින් නොනවත්වා ම ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි අල් – ජසීරා පුවත් සේවය පැවසුවේ.

දෙපාර්ශ්වය අතර ඇතිවන බෝම්බ ප්‍රහාර සහ යුද ගැටුම් සම්බන්ධයෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ව විශේෂඥයින්ගේ ද අවධානය යොමු ව තිබෙනවා.

ඔවුන් ඊශ්‍රායල – පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සහ ඊයේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පසුව පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවසා ඇත්තේ ඊශ්‍රායලය සිදු කරන ක්‍රියාවලිය ‘ ජන සංහාරය’ ඉදිරියේ දී ‘පරියා’ (pariah) බවට පත් වනු ඇති බවයි.

එය සමස්ත සමාජ පරිහානියක් ලෙසට ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊජිප්තු – ගාසා දේශ සීමාවේ ෆිලඩෙල්පි කොරිඩෝවේ ඊශ්‍රායලය සමග සිදු කෙරෙන සාකච්ඡාවල ප්‍රගතියක් ඇති වීමට ඉඩ ඇති බවට සඳහන් කර ඇති අතර ඊජිප්තුව සමග තෙදින නිල සංචාරයේ දී ගාසාවේ සටන් විරාමයක් ඇති කරගැනීම පිළිබඳ ව ප්‍රයත්නයන් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලයේ යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයන් 41,226 ක් මියගොස් 95,413 ක් තුවාල ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46