AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුර හේතුවෙන් රුමේනියාවේ සිව්දෙනෙක් මිය යයි

මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය හරහා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මත රුමේනියාවේ පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

අද (14) දින චෙක් ජනරජය පුරා ස්ථාන 38ක ගංවතුර අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත්කළා.

ප්‍රාග් අගනුවර ද ගංවතුර බාධක යොදා ඇති අතර සත්වෝද්‍යානය ද වසා දමා තිබෙනවා.

ගංගාවන්හි අනතුරුදායක තත්ත්වය ඉහළ යෑමත් සමග පෝලන්තයේ ද ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

ගංවතුර හේතුවෙන් රුමේනියාවේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් විශාල පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?