බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් 219ක් වැසෙයි

බංග්ලා­දේ­ශයේ ඇතැම් කර්මාන්තශාලාවල සේවකයන් අඛණ්ඩ වැඩවර්ජනයන් හේතුවෙන් ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දීමනා රැසක් ඉහළ දමන ලෙස පාලනාධිකාරියට බල කරමින් මෙම සේවක සේවිකාවන් විරෝධතාවයේ නිතර වී තිබුණා.

ඒශියා නිවුස් නෙට්වර්ක් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, මෙම වැඩවර්ජන හේතුවෙන් කර්මාන්තශාලා 86ක් දින නියමයකින් තොරව වසා දමා ඇති බවයි.

තවත් කර්මාන්ත ශාලා 133ක සේවක සේවිකාවන්ට විරෝධතා වැළැක්වීම සඳහා පොදුවේ නිවාඩු දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙලෙස විරෝධතා උත්සන්න වුවද, ඩකා නගරයේ කර්මාන්තශාලා 88ක නිෂ්පාදන කටයුතු මෙහෙය වීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබුණා.

සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීමට ප්‍රාදේශීය දේශපාලඥයින් සම්බන්ධ කමිටු කිහිපයක් අශුලියාවේ පිහිටුවා ගත්ත ද කර්මාන්ත හිමියන් තම කර්මාන්ත ශාලාවල ආරක්ෂාව පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

හැකි ඉක්මනින් කර්මාන්තශාලා නැවත ආරම්භ නොකළහොත් නුදුරු අනාගතයේ දී මෙම අංශය ගැඹුරු අර්බුදයකට මුහුණ දිය හැකි බව එරට බලධාරීන් පවසනවා.

විරෝධතා හේතුවෙන් ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට අති­රේක පොලිස් කණ්ඩා­යම් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?