නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාවක්

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරග මෙරට ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ; ඒ අනුව එළඹෙන තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 18 වැනි දින සැප්තැම්බර් මස 24 වැනිදා තෙක් පැවැත්වෙන බවයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන අතර ඒ සඳහා නොමිලේ ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාගාරය සඳහා ප්‍රවේශ විය හැකි බව ද වාර්තා වනවා.

ගාල්ල GICs හි ගේට්ටු අංක 4 හරහා මහජනතාවට පිටියට ඇතුළු විය හැකි බව ද සඳහන්.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන අතර දෙවැනි තරගය ද ගාල්ලේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ලබනවා.

නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ ටිම් සවුති හටයි.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර ඉන් තරග 18ක ජය නවසීලන්තය සතු වී තිබෙනවා.

තරග 09ක් පමණක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

නවසීලන්තය පරාජය වී ඇති ටෙස්ට් තරග ගණන 09ක්.

ශ්‍රී ලංකාව තරග 18ක් නවසීලන්තය හමුවේ පරාද වී තිබෙනවා.

තරග ජය පරාජයෙන් තොරව අවසන් වූ ගණන 11ක්.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව් රටේ දී නවසීලන්තයට එරෙහිව තරග 07ක් දිනා ඇති අතර නවසීලන්තය සිය මව් බිමේ දී දිනා ඇති තරග ගණන 13ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21