AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරකින් ගැබිනි මවක් හා කුසෙහි සිටි බිළිඳා මරු තුලට

තිස්සමහාරාම – මාතර ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට – පල්ලෙමලල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් ගැබිනි කාන්තාවක් සහ ඇයගේ කුසෙහි සිටි බිළිඳා ජීවිතක්ෂයට පත් වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම අනතුර ඊයේ (12) සිදු ව ඇත්තේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදයක හුළං බැසීමත් සමග රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ පසුපස ගමන් ගත් ගැබිනි මවක් සහ වයස අවුරුදු 2යි මාස 06ක් වන ඇයගේ වැඩිමහල් පුතු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ ද ගැබිනි මව සහ ඇයගේ කුසෙහි සිටි බිළිඳා ද ජීවිතක්ෂයට පත් වූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?