පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන දැනුම්දීමක් – 18න් පසු ප්‍රචාරණ වැඩසටහන් බෑ

නව ජනාධිපතිවරයා තේරී පත් වී ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ආකාරය පිළිබඳ ව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 09 වැනි දේශපාලන විධායකය තේරී පත් වූ පසුව දින 10-12ත් අතර කාලයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි එම මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

සැප්තැම්බර් මස 21 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව එම අවස්ථාව නව ජනාධිපතිවරයා හට ව්‍යවස්ථාවෙන් බලය පැවරෙනු ඇති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 35ත් 44ත් අතර කාලයක දී මහ මැතිවරණය පැවැත්විය යුතු බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

අවශ්‍ය නම් දින 52ත් 66ත් අතර උපරිම කාලසීමාවක් ඒ සඳහා ගැනීමට හැකියාව ඇතැයි ද හෙතෙම අවධාරණය කළා.

මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාගේ අභිමතය මත සිදු කළ හැකි බවත් එසේ නැතිනම් වත්මන් පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වන තුරු පවත්වාගෙන යා හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු මෙම මස 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බවත් 21 වැනිදා පෙරවරු 7.00 සිට ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම ආරම්භ වන බවත් වාර්තා වනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,417ක් ක්‍රියාත්මක බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එදින පස්වරු 4.00ට ඡන්ද විමසීම අවසන් වන කෙරෙන බවයි.

තමන් හට නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති වුව ද, හැකි නම් ප්‍රාදේශීය තැපැල් කාර්‍යාලයට ගොස් එහි තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් ඒ ගැන විමසීමක් සිදු කර හැකි බව ද නැතහොත් ජාතික හැඳුනුම්පත රැගෙන ගොස් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පත්‍රිකාවේ සිය නම ඇතුළත් නම් ඡන්දය භාවිත කිරීමේ හැකියාව ද ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
2
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?