ටී.එම්. ඩිල්ෂාන්ගේ දුව ලිමන්සා ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතයට (නිවේදනය)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ටී.එම්. ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් වී තිබෙනවා.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග පවසන පරිදි ලිමන්සා ඉදිරියේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ඔස්ට්‍රෙලියා – නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වලට එරෙහිව පැවැත්වෙන තුන්කොන් තරග සංචාරයට එක්වනු ඇති.

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහ කණ්ඩායමේ නායකත්වය මනුධි නානයක්කාරට හිමිව තිබෙනවා.

මෙම තුන්කොන් තරගාවලිය ඔක්තෝබර් 20 වැනිදා ඔස්ටේලියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

ලිමන්සා තිලකරත්න මීට පෙර වයස අවුරුදු 16න් පහළ ඔස්ට්‍රෙලියා – වික්ටෝරියානු ප්‍රාන්තයේ කණ්ඩායමකට ද ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්.

එමෙන්ම ටස්මේනියාවේ ජනවාරි මාසයේ පැවැත්වූ ජාතික ක්‍රිකට් ශූරතා තරගාවලියේ ද වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද එහි දී විශිෂ්ට දක්ෂතා අතරට පැමිණීමට ද ලිමන්සා තිලකරත්නට හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15