AFC Banner
Empty Ad
Empty Ad

ටී.එම්. ඩිල්ෂාන්ගේ දුව ලිමන්සා ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතයට (නිවේදනය)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ටී.එම්. ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් වී තිබෙනවා.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග පවසන පරිදි ලිමන්සා ඉදිරියේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ඔස්ට්‍රෙලියා – නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වලට එරෙහිව පැවැත්වෙන තුන්කොන් තරග සංචාරයට එක්වනු ඇති.

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහ කණ්ඩායමේ නායකත්වය මනුධි නානයක්කාරට හිමිව තිබෙනවා.

මෙම තුන්කොන් තරගාවලිය ඔක්තෝබර් 20 වැනිදා ඔස්ටේලියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

ලිමන්සා තිලකරත්න මීට පෙර වයස අවුරුදු 16න් පහළ ඔස්ට්‍රෙලියා – වික්ටෝරියානු ප්‍රාන්තයේ කණ්ඩායමකට ද ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්.

එමෙන්ම ටස්මේනියාවේ ජනවාරි මාසයේ පැවැත්වූ ජාතික ක්‍රිකට් ශූරතා තරගාවලියේ ද වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද එහි දී විශිෂ්ට දක්ෂතා අතරට පැමිණීමට ද ලිමන්සා තිලකරත්නට හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?