බංග්ලාදේශ කාන්තා A කණ්ඩායමට ජයක්

බංග්ලාදේශ කාන්තා A කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට තවත් පරාජයක් උරුම වුණා.

අද (12) දහවල් දෙරට අතර නිල නොවන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය පැවැත්වුණේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ දී යි.

පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 112ක් ලබා ගත්තා.

කෞෂිනී නෘත්‍යාංගා ලකුණු 43ක් සහ නෙත්මි පූර්ණා ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෆාතිමා චතුන් කඩුලු 03ක් බිඳ දැමුවේ ලකුණු 12කටයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා A කණ්ඩායම පන්දුවාර 18කුත් පන්දු 05ක් අවසානයේ දී සිය ජයග්‍රහණය කඩුලු 03ක් පමණක් තිබියදී දිනා ගත්තා.

ශමිමා සුල්ටාන් ලකුණු 48ක් ලබාගත් අතර ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් මල්ෂා ශෙහානි ලකුණු 22කට කඩුලු 02යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05