ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණ‍යෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස් ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු අද (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නැමැති 23 හැවිරිදි තරුණයෙක්.

මොහු දෙවරක් විදේශ ගත වී ඇති අතර අවසන් වශයෙන් ඔහු සිය පියා සමග ඉන්දියාවේ චෙන්නායි නුවර වාසය කර තිබෙනවා.

මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු අතරින් රිංගා ගොස් ගුවන් තොටුපොළ ගුවන් යානා අංගනයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා අද දින අලුයම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ , ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E – 1172 දරණ ගුවන් යානයට ඇතුළු වීමට තැත්කර තිබුණා.

මෙම තරුණයා එම අවස්ථාවේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

තරුණයාගේ සොහොයුරෙකු පොලිසිය වෙත කැදවා සිදු කළ විමර්ශන වලදී මොහු මානසික රෝගාබාධයකින් පෙළෙමින් සිටින අතර ඔහු ඒ සදහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගන්නා බවත් අනාවරණය කර වී තිබුණා.

එහෙත් පසුගිය මාසය තුළ මොහු එම රෝගාබාධ තත්වයට අවශ්‍ය ඖෂධ ලබා ගෙන නොමැති බව ද එම තරුණයාගේ සොහොයුරා වැඩිදුරටත් ප්‍රකාශකර තිබෙනවා.

කොට කළිසමකින් සහ කමිසයක් ඇද සෙරෙප්පු දෙකක් දමා සිටි මෙම තරුණයා ඉන්දියාවේ චෙන්නායි වෙත යාම සඳහා එසේ ගුවන් යානය වෙත ගමන් කළ බවට පොලිසිය හමුවේ ප්‍රකාශයක් කර තිබුණා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේත්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ සිදුකරමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති තරුණයා අද (12) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සහ අධිකරණය මගින් මොහු පිළිබඳ මානසික රෝග වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25